ඉංග්‍රීසි සරළව ඉගන ගනිමු....
පිලිගන්නවා. මෙහිදි ඔයලට පුලුවන් ඉන්ග්රේසි සරලව ඉගනගන්න.
මෙම බොලොග් අඩවියෙහි අරමුණ ඉංග්‍රීසි භාෂාව සිංහල භාෂාවෙන් ඉගැන්වීම හා එදිනෙදා භාවිතයට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම ලබා දීමයි. This blog teaches how to speak English with essential grammar lessons.
පාඩම් ඒකකය 01 (Lesson No 01)
මෙම පාඩමෙන් am/is/are වල භාවිතය සලකා බලමු. ඉංග්‍රීසි භාෂාවේදී මෙම පද භාවිතයෙන් පහත කරුණු විස්තර වනු ලබන වාක්‍යයන් තැනීමට හැක.
- යම් කිසි දෙයක් පුද්ගලයෙක් සතෙක් ස්ථානයක් වැනි දෑ විස්ථර කිරීමට Colombo town is beautiful now. දැන් කොළඹ නගරය ලස්සනයි. He is very kind. ඔහු ගොඩාක් කරුණාවන්තයි. Dogs are cruel. බල්ලන් නපුරුයි. Ann and I are good friends. ඈන් හා මම හොඳ යාළුවෝය. I am tired. මට මහන්සියි.
- පැමිණි ස්ථානයක් විස්ථර කිරීමට.
I am from America. මම ඇමරිකාවෙන්
- වයස ගැන පැවසීමට I am 15 years old. මට වයස අවුරුදු 15 යි She is 18 years old. ඇය අවරුදු 18 ක් වයසයි
- කාලය පැවසීමට
- කාලගුණය විස්ථර කිරීමට.
It is too hot today. අද ගොඩාක් රස්නෙයි.
2. වාක්‍ය තැනෙන ආකාරය
මෙහිදී I යන පදයට පමණක් am යොදනු ලබන අතර අනකුත් ඒක වචන පද වන He, She සහ It යන ඒක චවන පදවලට Is යොදනු ලබනයි. you, they සහ we යන පදවලට are යොදනු ලබයි.
3.නැතයන අර්ථය (Negative form)
I am not hungry. මට බඩගිනි නැත.
Tom is not a doctor. ටොම් වෛද්‍යවරයෙක් නොවේ.
Jane is not at home. ජේන් ගෙදර නැත.
They are not bad. ඔවුන් නරක අය නොවේ.
4. ප්‍රශ්න ගොඩනැගීම (Question Form)
Am I late? මම පරක්කුද?
Is your mother at home? ඔබේ මව ගෙදර ඉන්නවද?
Are your parents at home? ඔබේ දෙමාපියන් ගෙදර ඉන්නවද?

